Posted on 02.08.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ඩුබායිහි හෝටලයකදී අත්අඩංගුවට ගත් පාතාල නායක මාකඳුරේ මදූෂ් මෙරටට ගෙන්වා ගැනීමට වසර දෙකක පමණ කාලයක් ගත විය හැකි බව වාර්තා වේ. එයට හේතුව මීට පෙර රජය සිරකරුවන් ගෙන්වා ගැනීමට අදාළ උදර්පණ නීතිය යටතේ කටයුතු කර නොමැති නිසවෙනි.
උදර්පණ නීතිය යටතේ මධූෂ් ගෙන්වා ගැනීමට නම් ප්‍රථමයෙන් මෙරටේ නීතිපතිවරයා මධූෂ්ට එරෙහිව මහාධිකරණයේ අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගත යුතු අතර ඉන් පසුව එම වරෙන්තුව මෙරට විදේශ අමාත්‍යංශයේ ලේකම්වරයා මගින් ඩුබායි විදේශ අමාත්‍යංශය වෙත යැවිය යුතු වේ.
ඉන් පසු එරට රජය අධිකරණයට දැනුම් දුන් පසු ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමේ නියෝගයක් ලබාගත යුතුය. එසේ පිටුවහල් නියෝගයක් ලැබුණහොත් එරට පොලීසියෙන් මෙරටට ගෙනැවිත් බාරදීම හෝ මෙරට පොලීසියෙන් එරටට ගොස් ඔහු ගෙන ඒම සිදුකළ හැකි බව පැවසේ.
මාකඳුරේ මධුෂ් මෙරටට ගෙන්වා ගැනීමට අදාළ රාජ තාන්ත්‍රික කටයුතු පිළිබඳ සොයාබැලීම සඳහා මෙරට පාලකයන් ඉතා ඉකමණින් මැදිහත්වෙනු දක්නට ලැබුණි. නමුත් ශ්‍රී ලංකාවේ විදේශ ගත ශ්‍රමිකයන්ගේ ප්‍රශ්නවලදී කිසිම ආණ්ඩුවක් ඒ තරම් කඩිනමින් මැදිහත්වෙනු දක්නට ලැබී නොමැත. පසුගිය කාලයේ රිසානා නාෆික් දැරියට එරෙහිව චෝදනා එල්ල වී ඇයට මරණ දඬුවම නියම කර එය ක්‍රියාත්මක කරන තුරුම ලංකාවේ ආණ්ඩුව විසින් කිසිදු මැදිහත්වීමක් නොකළ බව ඒ සඳහා ඉතා හොඳ උදාහරණයක් වේ.