Posted on 11.17.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පසුගිය දිනවල පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රිවරු විසින් එකිනෙකා පරයා ඇතිකරගත් ගැටුම් නිසා විනාශයට පත් රාජ්‍ය දේපළ අලුත්වැඩියාවට හා නව උපාංග සවි කිරීමට මහජන අරමුදල් භාවිතා කරන්නට සිදුවන බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග හෙළි කරයි.
ඉදිරි පාර්ලිමේන්තු කටයුතුවලට අවශ්‍ය නිසා එහි කඩා බිද දමන ලද පුටු, මේස, දුරකථන, මයික්‍රොෙෆෝන් හා අනෙකුත් ඉලෙක්ට්‍රොනික උපාංග ඉක්මනින් යථා තත්වයට පත්කරන බව දැනගන්නට ඇතමෙම පාර්ලිමේන්තු දේපළ විනාහයට පත්කළ මන්ත්‍රිවරු ජනමාධය ආයතනවල හා පාර්ලිමේන්තු විඩියෝ දර්ශන ඇසුරින් හදුනාගෙන එම විනාශ කිරිම් සම්බන්ධව නීතිමය පියවර ගන්නටද අලාබයට පත් දේපළ වෙනුවෙන් ව්නදි එම මන්ත්‍රිවරුන්ගේන අය කරගන්නට ද යෝජනා පාර්ලිමේන්තු මහලේකම්වරයාට ඉදිරිපත්ව ඇත. කෙසේවෙතත් පාර්ලිමේන්තු පරපාලනයට අදාල කටයුතු සම්බන්ධයෙන් කථානායකවරයා සමග සාකච්ඡා කර විසදුමක් ලබා ගන්නට සිදුවන බවද පාර්ලිමේන්තු ආරංචි මාර්ග හෙළිකරයි.