Posted on 12.19.2018 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ පොරොන්දුවද විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සමඟ එක්ව සපුරා ගතයුතු බව එම්. ඒ. සුමන්තිරන් ඊයේ(18) පාර්ලිමේන්තුවේදී පවසා තිබුණි. විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම යනු නව ව්‍යවස්ථාවක් හදුන්වාදීමේ කාර්යයේ කොටසක් බැවින් සමස්තයක් ලෙස නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට කටයුතු කළ යුතු බව ඔහු මෙහිදී පවසා ඇත.
” අපි ජනතාවට පොරොන්දු වුණා නව ව්‍යවස්ථාවක් ගෙන එනවා කියලා. ඒ වෙනුවෙනුයි ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පවා පත්කරේ. එක දිගු කාලයක් ඇදී ගියත් දැන් ඒ සඳහා කාලය පැමිණ තියෙනවා”
වැඩිදුරටත් අදහස් දක්වමින් 2015 මැතිවරණයේදී විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම උතුරේ ජනතාව අනුමත කර තිබූ බවයි.