தமிழ்
English
Contact
Wednesday 1st May 2019    
ව්‍යවස්ථා කෙටුම්පතක්වත් නැතුව රට බෙදනවා කියලා කෑ ගහනවා - රනිල් වික්‍රමසිංහ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ව්‍යවස්ථා කෙටුම්පතක්වත් නැතුව රට බෙදනවා කියලා කෑ ගහනවා – රනිල් වික්‍රමසිංහ



ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට අදාළව කෙටුම්පතක් හෝ සකස් කර නැති තත්ත්වයක් තුළ රට බෙදීම් ගැන කතා කිරීමට හදිසි නොවිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු පවසන්නේ නව ව්‍යවස්ථාවට විරෝධය දක්වන පිරිස් ආණ්ඩුව ෆෙඩරල් ලබාදීම හරහා රට බෙදීමට සූදානම් වන බව පැවසුවත් කෙටුම්පතක්වත් සාදා ගැනීමට නොහැකි වී ඇති තත්ත්වයක් තුළ නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන්නේ කෙසේද යන්නයි.

රාජ්‍යයේ ස්වභාවය සම්බන්ධව සහ බුද්ධාගම සම්බන්ධව විවිධ පාර්ශව අතර සමානය එකඟතා පවතින නමුත් ඡන්ද ක්‍රමය වෙනස් කිරීම, විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම වැනි කරණා සම්බන්ධයෙන් විශාල පරස්පරතා පවතින බව අගමැතිවරයා පවසා ඇත.