Posted on 08.29.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය සහ ආරක්ෂක පොලිස් නිලධාරියා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුව මරණ දණ්ඩනයට නියම වූ මොහොමඩ් නවුෆර් නියාස්, කොරෝනා වැලඳී මරණයට පත් වූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
2004 නොවැම්බර් 20 දින මහාධිකරණ විනිසුරුවරයා ඝාතනය කෙරුනේ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධ නඩුවලදී දුන් තීන්දු සම්බන්ධයෙන් පලිගැනීමට බව අනාවරණය විය.
ඒ ඝාතනය සැලසුම් කර මෙහෙයවීමේ වරදට මොහොමඩ් නවුෆර් නියාස් ඇතුළු ඝාතකයන් 5 දෙනකුට මරණ දඩුවම හිමි විය.