தமிழ்
English
Contact
Saturday 4th May 2019    
‘ත්‍රස්ත විරෝධී පනත' මර්දන නීතියක්! - වමේ පක්ෂ හා බහුජන සංවිධාන විරෝධය පළ කරති. | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

‘ත්‍රස්ත විරෝධී පනත’ මර්දන නීතියක්! – වමේ පක්ෂ හා බහුජන සංවිධාන විරෝධය පළ කරති.



“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම අහෝසි කරනු, සියලු මර්දන නීති වහා හකුලා ගනු” යන තේමාවෙන් වාමාංශික පක්ෂ හා බහුජන සංවිධාන විසින් ඊයේ(23) විශේෂ මාධ්‍ය හමුවක් කැදවා විරෝධය පළ කරන ලදී.

වත්මන් හවුල් ආණ්ඩුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට දුන් පොරොන්දුව තිබියදී වෙනත් මර්දන පනත් තුනක් ගෙන ඒමට දරණ උත්සාහය වෙත විරෝධය පළ කිරීමටත් සෙසු මර්දන නීති හකුළාගැනීමටත් බලකරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය, සමාජවාදී පක්ෂය, ප්‍රැක්සිස් සාමුහිකය, විමුක්ති ව්‍යාපාරය, නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පෙරමුණ ඇතුළු වාමාංශික පක්ෂ, බහුජන සංවිධාන හා සිවිල් ක්‍රියාකාරිකයන්ගේ සහභාගිත්වයෙන් මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්විණි.