මාර්ක් සකර්බර්ග් internet වෙනුවෙන් නව නීති ඉල්ලයි

අන්තර්ජාලයේ පවතින දෑ පාලනය කිරීමේදී රටවල් ලෙස සහ නියාමන ආයතන වඩාත් කාර්යක්ෂම කාර්යභාරයක නිරත විය යුතු බව ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පවසයි.

ඔහු පවසා සිටියේ ෆේස්බුක් සමාජජාලයේ පවා පවතින හානිදායක දෑ පිළිබඳ අවධානයෙන් පසුවීමට ඔවුන්ටද හැකිනම් එය මේ මොහොතේ වඩාත් වැදගත් කාර්යයක් බවයි.

ඒ අනුව, හානිදායක තොරතුරු, මැතිවරණයන්හි අවංකත්වය, පෞද්ගලිකත්වය සහ දත්ත සුලභබව යන කේෂේත්‍ර සම්බන්ධයෙන් නව නීති හඳුන්වාදීමට රජයයන් කටයුතු කළ යුතු බව මාර්ක් සකර්බර්ග් පවසා තිබේ.

නවසීලන්තයේ, ක්‍රිස්ට්චර්ච් හි මුස්ලිම් පල්ලිවල පුද්ගලයන් 50කට මරු කැඳවමින් සහ තවත් පිරිසකට තුවාල සිදුකරමින් සිදුකළ වෙඩි තැබීම සිද්ධිය ෆේස්බුක් වෙබ් අඩවිය හරහා සජීව ලෙස ප්‍රචාරය කිරීමට එම ප්‍රහාරකයා කටයුතු කිරීම ෆේස්බුක් ප්‍රධානියා මෙවැනි අදහසක් පළ කිරීමට ආසන්නතම හේතුව වී තිබේ.

Sithara Sajeewani :