தமிழ்
English
Contact
Tuesday 7th June 2022    
මාස තුනකට පසු ලාෆ් ගෑස් වෙළඳපොළට එන්නෙ ගණන් උස්සලා! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මාස තුනකට පසු ලාෆ් ගෑස් වෙළඳපොළට එන්නෙ ගණන් උස්සලා!



මේ දක්වා ගෑස් සැපයුම නවතා තිබුණු ලාෆ්ස් සමාගමේ ගෑස් සැපයීම ආරම්භ කරන්නේ විශාල ලෙස මිල ඉහළ දැමීමක් සමග බවට පාරිභෝගිකයෝ ප්‍රකාශ කරති.

ලාෆ් ගෑස් සමාගම කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 6,850 ක් දක්වා ඉහළ දමා තිබේ. එම සමාගමේ කිලෝ 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 2,740 ක් දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

මාස තුනකට අධික කාලය ගෑස් සැපයුම නොකළ ලාෆ් ගෑස් සමාගම සැපයුම හෙට (6) නැවත ආරම්භ කිරීමට නියමිතය.

මාස 3ට වැඩි කාලයක් ලාෆ් ගෑස් සමාගම විසින් අත්හිටුවා තිබු ගෑස් සැපයුම ආරම්භ කරන්නට ගෑස් මෙට්‍රික්ටොන් 3500ක සහිත නෞකාවක් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇත.