ප්‍රංශයේ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ නව නීතිවලට එරෙහිව එරට වැඩකරන ජනතාව, ශිෂ්‍යයන්, තරුණයන් ඇතුළු දේශපාලන ක්‍රියාකාරින් ගෙන ගිය සටන තුළ විරෝධයට ඇමු්කන් නොදීමෙන් තමන් වරදක් සිදුකළ බව එඩුවාඩ් ෆිලිපේ අගමැතිවරයා පිළිගෙන ඇත.
තමන් විරෝධතාවලට සවන් නොදුන් බවද ජනතාවට වෙනසක් අවශ්‍යව ඇති බව එම විරෝධතාවලින් පෙනී යන බවද ඔහු පවසා ඇත. ‘තහ කබා‘ විරෝධතාව නොවැම්බර් 17 වැනිදා සිට දීර්ඝ කාලයක් ප්‍රංශ ජනතා නැගිටීමක් බවට පත් වූ අතර රජය ඒවා මර්දනය කිරීම සහ විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීමේදී විශාල වශයෙන් තුවාල තබා ඇති අතර දේපළ හානියද ඉහළ ගියේය. සාමාන්‍ය විරෝධතා මැදට කදුළු ගෑස් හා මර්දන භට කණ්ඩායම් යැවීමද සාමකාමී විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ දැරීමද නිසා පොලිස් භටයන්ද තුවාල ලැබීය.
මේ අතර ප්‍රංශයේ ඇතැම් ජනමාධ්‍ය විසින් විරෝධතාකරුවන්ගේ සටන් පාඨ වාරණය කරමින් ජනතාවට වැරදි චිත්‍රයක් මවා පෙන්වීම සහ සැබෑ සටන්පාඨ වසන් කිරීම පිළිබද ආන්දෝලනයක් ඇතිව තිබේ.
‘මැක්‍රොන් ඉල්ලා අස්වනු!‘ යන සටන්පාඨය ප්‍රංශයේ මැක්‍රොන්වාදී මාධ්‍ය විසින් වාරණයට ලක්කරණ ලදී.