தமிழ்
English
Contact
Thursday 1st July 2021    
මින්නේරිය වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ හමුදා නිලධාරියා පොලිසියට භාර වෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මින්නේරිය වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ හමුදා නිලධාරියා පොලිසියට භාර වෙයි



මින්නේරිය ජාතික උද්‍යානයේ අලි පැටවෙකු පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් වූ වැටලීමකදී වනජිවි නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට සම්බන්ධ යුද හමුදා මේජර්වරයා අද (01) පෙරවරුවේ හබරණ පොලියට භාර වී තිබේ.

පසුගිය 23 වනදා රාත්‍රියේ මින්නේරිය ජාතික වනෝද්‍යානයේ නීතිවිරෝධී ලෙස අලි පැටවකු ඇල්ලීම සිදුවන බවට ලැබුණු තොරතුරක් මත මාර්ග බාධක යොදා වාහන පරීක්ෂා කිරීමක දී වනෝද්‍යානයෙන් පිටතට පැමිණි වාහන දෙකක් අණ නොතකා ධාවනය කළ බවත් ඒවා යුද හමුදා වාහන බව හඳුනා ගෙන ඒ පසු පස ගිය බවත් වනජීවී නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.

මේ වාහන හඹා යාමෙන් පසුව ඔවුන් පසු පස යුද හමුදා වාහන කිහිපයක් පැමිණ හබරණ ප්‍රදේශයේ දී යුද හමුදාවේ නිලධාරියෙක් වනජීවී නිලධාරියකුට පහර දී තර්ජනය කළ බවත් පොලිසිය පැමිණි අවස්ථාවේ සොල්දාදුවන් ඉවත්ව ගිය බවත් වාර්තා විය.

ඒ අනුව සිද්ධියට සම්බන්ධ බව කියන යුද හමුදා මේජර්වරයා සහ සෙසු සැකකරුවන් ඔවුන් පැමිණි වාහන ද සමග වහාම අත්අඩංගුවට ගන්නැයි ඊයේ(30) අධිකරණය නියෝග කර තිබේ.

මේ සම්බන්ධයෙන් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න විසින් ජනමාධ්‍ය වෙත කළ කරුණු දැක්වීමේදී අනාවරණය වූවේ මෙම සිදුවීමට සම්බන්ධ යුධ හමුදා ප්‍රධානියා වන්නේ අනුරාධපුර 21 වැනි බලසේනා මූලස්ථානයේ ප්‍රධානී මේජර් ජනරාල් මොහාන් රත්නායක බවයි.