Posted on 09.05.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
(TopNews) ඇෆ්ගනිස්තානයේ සිටින ලාංකියන් 20 දෙනකු එහි රැඳී සිටිම තෝරාගත් බව ආණ්ඩුව ප්‍රකාශ කළද ඔවුන් මුදාගන්නා ලෙස කළ ඉල්ලීම් නොතකා හැර ඇති බව දැන ගන්නට ඇත.
එක්සත් ජාතින්ගේ ආයතන සේවකයන් ලෙස ඇෆ්ගනිස්තානයේ සේවය කළ මෙම 20 දෙනා පවසා ඇත්තේ තමන්ට තලේබාන් සංවිධානය බලයට පත් වීමෙන් පසු ලංකාව කරා පැමිණීමට අවශ්‍ය වූ නමුත් ලංකාවේ තානාපති කාර්යාලයේ සහායක් ලබා ගත නොහැකි වූ බවය. ඊට හේතුව වූයේ ඇෆ්නිස්තානයේ ලංකා තානාපතිවරයා අවසන් අවස්ථාවේ ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂා කරනු වෙනුවට වහාම තානාපති කාර්යාලය වසා දමා ලංකාවට පැමිණිමය.
මෙසේ අසරණ වූ ලාංකිකයන්ට පාකිස්තානයේ හෝ ඉන්දියාවේ තානාපති කාර්යාල සහායෙන් පැමිණීමේ අවස්ථාවක් ලබා ගත හැකි වූ නමුත් ලංකාවේ විදේශ අමාත්‍යංශ ඊට කිසිදු පියවරක් ගෙන තිබුණේ නැත. විශේෂයෙන් ඩොලර් 1500ක් ගෙවීමෙන් ගුවන් මගින් ඇෆ්ගනිස්තානයෙන් පිටවීමේ අවස්ථාව ඔවුන්ට අහිමි වී ඇත්තේ එරට සිටියදී ඔවුන්ගේ වැටුප් ගිනුම්ගතකර ලංකාවට එවීම නිසාය. එදිනෙදා වියදම ඉතිරිකර විදේශ විනිමය ලෙස ලංකාවට එවු මෙම විදේශ ශ්‍රමිකයන් ලංකාවේ ආණ්ඩුව විසින් තලිබාන් පාලනයේ අවදානමට ගොදුරුකර ඇත.