මෛත්‍රි, මහින්ද ඇතුළු පොහොට්ටුවට ගියවුන් රකින නිසා අපි නඩු කියනවා – ශ්‍රීල.නි.ප. මන්ත්‍රි පිරිසක් කියති

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසට මන්ත්‍රී ධුර දැරීමට නීත්‍යානුකූල හැකියාවක් නැති බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් අභියාචනාධිකරණයේ පේතසමක් ගොනු කරන්නට සැරසෙන බව වාර්තා වෙයි.

එය ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ගත් තීන්දුවක් ලෙස මෙම නීති ක්‍රියාමාර්ගය ගනු ලබන අතර ඔවුන් වසින් ඒ සම්බන්ධයෙන් නීති ප්‍රවීණයන් කිහිපදෙනෙකුගෙන් උපදෙස් ලබාගෙන ඇත. ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව විසින් ශ්‍රීලනිපයෙන් වෙන්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු මහජන නියෝජිතයන් පිළිබඳව විනය පියවර ගත යුතුයැයි තීන්දුවක් ගෙන ඇතත් එය මේ දක්වා ක්‍රියාත්මක වී නැත. කෙසේවෙතත් ශ්‍රිල.නි.ප. සභාපතිවරයාගේ අභිමතයට අනුව,  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ගිය කණ්ඩායමට එරෙහිව තීන්දුවක් නොගෙන, ආණ්ඩුව සමග එක්වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට එරෙහිව පමණක් විනය පියවර ගැනීමේ සූදානමක් ඇති බවට දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තියක සිටින නිසා රාජපක්ෂ ඇතුළු කණ්ඩායමේ මන්ත්‍රීධුර අහෝසි කිරීමට නම් අධිකරණයට යෑමට සිදුව ඇති බව නීතිමය පියවර ගන්නට සූදානම්වන මන්ත්‍රිවරු පවසති.

Chandana Sirimalwatte :