Posted on 10.07.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ලංකාවේ ධීවර කර්මාන්තය නවීකරණය කිරීමටත් සංචාරක කර්මාන්තය දියුණු කිරීමටත් නොර්වේ රාජ්‍ය මැදිහත්කරගැනීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නෝර්වේ සිදුකළ සංචාරය අතරතුර මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සදහන් කර ඇත.
එරට ඔස්ලෝ අගනුවර රාජ්‍ය අමුත්තන්ගේ ශාලාවේදී අග්‍රාමාත්‍ය අර්නා සෝල්බර්ග් මහත්මිය සමඟ ඒකාබද්ධ ප්‍රවෘති සාකච්ජාවකට සහභාගී වෙමින් අගමැතිවරයා පැවසුවේ ලංකාවේ සාම ක්‍රියාදාමයට නොර්වේ රාජ්‍යෙය් මැද්හත්වීම සිදුකළ ආකාරයටම ඉදිරි ආර්ථික සංවර්ධනයටද නෝර්වේ ආධාරය හා මැදිහත්වීම අපේක්ෂා කරන බවය. ලංකාවේ නොදියුණු ප්‍රදේශ දියුණු කිරීම සඳහා දිගු කාලයක සිට නෝර්වේ රජයෙන් ලැබෙන සහයෝගය අගය කළ අගමැතිවරයා, ඒ සහයෝගය තවදුරටත් උපරිම ලෙස ලබා ගැනීමට ක්‍රියා කරන බව සඳහන් කළේය.
2001-2004 රනිල් වික්‍රමසිංහ අගමැතිධුරය දරන කාලයේ උතුරේ යුද්ධයට අදාලව නොර්වේ රාජ්‍යයේ මැදිහත්වීමෙන් සිදුකළ සාම සාකච්ඡා ක්‍රියාදාමය තුළ ලංකාවේ විවිධ සමාජ ආර්ථික ක්‍රියාදාමයන් සදහා නෝරවේ රාජ්‍යයට මැදිහත්වන්නට අවස්ථාව ලැබුණි. එක්සත් ජනපදයේ සමීප රාජ්‍යයක් ලෙස එවකට නෝරවේ මැදිහත්වීමේ භූමිකාව එක්සත් ජනපද අරමුණු මුදුන්පත් කරගැනීමට ගෙන ගිය ක්‍රියාදාමයක් බවට චෝදනා කරනු ලැබිණි.