தமிழ்
English
Contact
Wednesday 22nd May 2019    
ජපන් විදේශ ඇමතිවරයා ලංකාවේ සංචාරයකට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජපන් විදේශ ඇමතිවරයා ලංකාවේ සංචාරයකට



ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති කසුයුකි නකානේ අද(28) දින ලංකාවේ නිල සංචාරයක් සඳහාපැමිණිමට නියමිත බව වාර්තා වේ.

ජපාන විදේශ අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණ ද්විපාර්ශවික සබඳතා තවදුරටත් වර්ධනය කිරිම බව ශ්‍රී ලංකාවේ පිහිටි ජපාන තානාපති කාර්යාලය සඳහන් කකරයි. ජපාන රජයේ ආධාර යටතේ ශ්‍රී ලංකාවට නාවික මුර යාත්‍රා දෙකක් පිරිනැමීම ද මෙම ඇමති සංචාරය අතරතුර සිදවනු ඇත. නාවික මුර යාත්‍රාවන් ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට පැවරීම මඟින් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂාව වර්ධනය සහ සමුද්‍රීය සීමාවන්හි පාලනය ශක්තිමත් කර ගැනිමට අපේක්ෂිත බව විදේශ අමාත්‍යංශය පවසයි. පසුගිය කාලයේ ලංකාවේ සාගර ආරක්ෂා කටයුතු සම්බන්ධව එක්සත් ජනපදයෙන්, රුසියාවෙන් සහ චීනයෙන් යාත්‍රා සහ වෙනත් පහසුකම් ලබාදීම් සිදුව ඇත.

ජපාන ආරක්ෂක ඇමතිවරයා මෙරට සංචාරයක නිරත වූයේ පසුගිය සතියේ වන අතර මෙවැනි කෙටි කාල සීමාවක ඉහළ පෙළේ රාජ්‍ය දූතයන් දෙවැනි වරටත් පැමිණීමෙන් ජපානය ලංකාවේ කටයුතු සම්බන්ධව දක්වන අවධානය බව විදේශ අමාත්‍යංශය විසින් සැළකිල්ලට ගෙන ඇත. ඒ අතරම ජපානය මෙවැනි සමීප සම්බන්ධතා පවත්වන්නේ අතීතයේ ඇති සබදතා අලුත්කරගැනීමට බවද සදහන් වේ. එහෙත් මේ වනවිට ආසියානු කලාපීය දේශපාලනයේ වර්ධනයන් අනුව එැවනි සාමාන්‍යකරණයකින් මෙම ජපන් විදේශ සබදතා විනිශ්චය කිරීම එතරම් ප්‍රමාණවත් නොවන බව නිරීක්ෂකයන්ගේ අදහසයි. ජපානය එක්සත් ජනපද හිතවත් රාජ්‍යයක් වන අතර ඔකිනාවා දූපතේ එක්සත් ජනපද හමුදා කදවුරු සංකීර්ණයක් පවත්වාගෙන යයි. චීනය කලාපීය බල තුලනයේ වර්ධනයක් අ.්ප.් කරගිනිමින් සිටියදී ලංකාවේ චීන බලපෑම් සළකමින් ජපානය මෙවැනි සමීප සබදතාවක් සදහා සූදානම් වන බව ගණනය කළ හැකිය.