Posted on 10.15.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ඔක්තෝබර් විප්ලවය පිළිබද අප සාකච්ඡා කරනවිට සමහරු සෝවියට් දේශය පරාදයි නේද? සමාජවාදය අවලංගුයි නේද වැනි ප්‍රශ්න විමසන බවත් ඒ වෙනුවට එම සිදුවීම නමුත් ඔක්තෝබර් විප්ලවය වැනි සිදුවීමක් නිශ්චිතව පරාජය වී නැති බව බොහෝ දෙනා අමතක කරන බවද එය දැනගන්නට හැකිවන්නේ සියවසකට පසුව හෝ අධ්‍යයනය කිරීමෙන් පමණක් බවද පෙ.ස.ප දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත පවසයි.
කිසියම් පුද්ගලයෙකුගේ රුචිකත්වය ජීව විද්‍යාත්මක, මනෝ විද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක ආදී සාධක ගණනාවක් මත තීරණය කරනු ලබයි. පුද්ගල රුචිකත්වයන් පාලනය කිරීමට සමාජවාදී රජය කිසිවිටකත් අදහස් නොකරයි. පුද්ගලයා පුද්ගලික නිදහස භුක්ති විඳිය යුත්තේ කෙසේද යන්න තීරණය කිරීම රජයට අයත් කාරණයක් නොවේ. ඒ නිසා සමාජවාදය පිළිබද දුර්මත වීසි කරන්නටත් ඔක්තෝබර් විප්ලවය දේශපාලනික වශවයන් කියවිය යුතු බවද චමීර කොස්වත්ත විසින් අවධාරණය කරන ලදී.
මෙම ප්‍රකාශය ළේ අද දින (15) ඔක්තෝබර් විප්ලවයේ සියවස වෙනුවෙන් ගාල්ල බද්දේගම පැවැති සමරු සම්මන්ත්‍රණයේදීය.
