Posted on 10.02.2018 by Chandana Sirimalwatte in කලා with 0 Comments
යාපනය අන්තර්ජාතික සිනමා උළෙල සඳහා සැලසුම් කර තිබූ චිත්‍රපට ලැයිස්තුවෙන් සිය චිත්‍රපටය ඉවත් කොට ඇති බව සිනමාවේදී ජූඩ් රත්නම් පවසයි. කෙසේවෙතත්, අධ්‍යක්ෂවරයා එල්ල කරන මෙම චෝදනාව සම්බන්ධව සිනමා උළෙලේ අධ්‍යක්ෂිකා අනෝමා රාජකරුණා ‘ලංකාවීව්ස්’ වෙත කරුණු පැහැදිලි කළාය.
ඔක්තෝබර් 03 වැනිදා සිට 08 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත යාපනය සිනමා උළෙලේ තම සිනමා නිර්මාණය වන Demons in Paradise ඔක්තෝබර් 5 වැනිදා සවස 6.45ට මැජස්ටික් සිනෙෆ්ලේක්ස්හිදී තිරගත කරන බවට නිවේදනය කර තිබූ නමුත් අවසන් මොහොතේ එය ප්‍රදර්ශනය නොකිරීමට උළෙලේ සංවිධායකයන් තීරණය කළ සිනමාවේදී ජූඩ් රත්නම් චෝදනා කර තිබිණි. මෙම තීරණය නිසා චිත්‍රපටය වාරණයක් හා මුලික ප්‍රකාශන අයිතිය උල්ලංඝනය වීමක් සිදුවන බවද ඔහු පෙන්වා දෙයි. එම තීරණයට හේතුව තමන් නොදන්නා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසන අධ්‍යක්ෂවරයා එසේ සිදුවන්නේ කාගේ අවශ්‍යතාවක් මතදැයි තමා නොදන්නා බවත් ඒ සම්බන්ධයෙන් තමාවෙත නිළ දැනුම්දීමක් මේ වනතෙක් සිදුකොට නොමැති බවත් සඳහන් කරයි. ඒ පිලිබඳ කරුණු විමසා ඔහු සිනමා උළෙලේ අධ්‍යක්ෂවරිය වෙත ලිපියක් යොමුකර ඇති බව ජූඩ් සිය නිවේදනයේ සඳහන් කරයි.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙත නිල නිවේදනයක් නිකුත් කරන ‘යාපනය චිත්‍රපට උලෙළේ අධ්‍යක්ෂිකා අනෝමා රාජකරුණා පවසන්නේ ජූඩ් රත්නම්ගේ චිත්‍රපටය යාපනය ජාත්‍යන්තර සිනමා උලෙළ තුල නියෝජනය කිරීම තම අභිප්‍රාය වූවද එයට අවස්ථාවක් නොලැබුනු තත්වයක් තුළ ප්‍රකාෙශනයේ නිදහස සම්බන්ධ සාකච්ඡාවක් ලෙස එය සිනමා උළෙලට ඇතුළු කිරීමේ අරමුණ ඇතිව අධ්‍යක්ෂ ජූඩ් රත්නම් සමග සාකච්ඡා කළ බවය. ඇය පවසන්නේ එසේ විකල්ප ක්‍රමයකින් හෝ සිනමා කෘතිය උලෙලට සම්බන්ධ කරගැනීමට සිදු කළ ක්‍රියාදාමය අතරතුර හදිසියේම අධ්‍යක්ෂවරයා අදාළ සාකච්ඡාවෙන් ඉවත්ව ගිය බවයි. උතුරේ වේවා දකුණේ වේවා සිනමාකරුවන්ට හෝ කලාකරුවන්ට තම නිර්මාණ රසිකයන් අතරට ගෙනයාමට ඇතිවන බාධා විධිමත් ලෙස අවධානයට ගෙන කටයුතු කළ යුතු බව පවසන සිනමා අළෙලේ අධ්‍යක්ෂවරිය, එහිදී එම සාකච්ඡාවට යොදාගත් අවකාශය අත්හැර දමා යාපනයෙන් පිටව ගොස් මාධය වෙත අදහස් පළ කිරීම පිලිගත නොහැකි බවද පවසයි. ජූඩ් රත්නම්ගේ කෘතිය මේ දක්වා යාපනය ප්‍රේක්ෂාගාරයක් වෙත නොපැමිණීම නිසාම එය යාපනයේ ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් ලබාදීම තම අරමුණක් වූ බව පවසන ඇය ඇතිවූ මෙම තත්වය නිසා සිනමා කෘතිය නැරඹීමට යාපනය ප්‍රේක්ෂකයන්ට අවස්ථාව නොලැබී ගිය බව ඇය සදහන් කරයි.
