පසුගිය 02 වැනි දින ඕස්ට්‍රේලියාවේ බිස්බේන් නුවර සන්ක්‍රෝප් ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයෙන් එංගලන්තය පරාජයට පත් කිරීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය. මේ අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නැවතත් රග්බි ලෝක ශූරතාවය ලබා ගැනීමට හැකි විය.
එංගලන්තය හා පැවැති තරයෙන් ලකුණු 6-0 ලෙස ජය ගැනීමට ඔවුන් සමත්විය. සිය රටේම පැවැති තරගයක් නිසා ක්‍රීඩා ලෝලීන්ගේ නොමද සහාය ඔස්ටේ්‍රලියානු ක්‍රීඩකයින් වෙත ලැබිනි.
කෙසේ වෙතත් ලෝක රග්බි ශූරතාවයන් දිනාගැනීමේදී ඕස්ට්‍රේලියානු පිලේ අත්දැකීම් හා මීට පෙර අවස්ථා 10කදීම ලෝක රග්බී ශූරතාවයන් දිනා සිටීමත් මෙම ජයග්‍රහණයත් සමග 11වන වරට සිය රටට මෙම ශූරතාවය ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ සමත්විය.
වසර 22 කට පසුව ඉමහත් බලාපොරොත්තු සහිතව පැමිණි එංගලන්ත කණ්ඩායමට අනුශුරතාවය ලබා ගැනීමෙන් සෑහීමකට පත්වන්නට සිදුවිය. ඒ අනුව එංගලන්ත කණ්ඩායමට සිය ජයග්‍රහණය ලබා ගැනීමේ බලාපොරොත්තුව මේ අනුව බොදවී ගියේය.