Posted on 03.16.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
(TopNews) ඇමෙරිකන් ඩොලරයක අගය රුපියල් 200 සීමාව ඉක්මවා යාම අද(16) නැවතත් සටහන් විය.
මහ බැංකුව දෛනිකව විනිමය අනුපාතිකවල අගයන් නිකුත්කරනු ලබන අතර අද තත්වය අනුව ඩොලරයක විකුණුම් අගය රු. 200.06ක් ලෙසත් ගැනුම් අගය රු.198.25ක් ලෙසත් දැක්විණි. මින් පෙර මෑතකදී මේ ආකාරයටම රුපියල බිඳ වැටීමෙන්, ඩොලරයේ අගය ඉහළ ගියේ පසුගිය වසරේ අප්‍රේල් 8 වැනිදාය. මෙරට ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයකට සාපේක්ෂව රුපියලේ අගය 200 සීමාව ඉක්මවීම සිදුවූයේ එදිනය.
ගණනය කිරීම් අනුව, ජනවාරි 1 වැනිදා සිට මාර්තු 12 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ලංකා රුපියල 5.2% කින් අවප්‍රමාණය වී ඇති බව විනිමය විශ්ලේෂන අනාවරණය කරයි.
ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය සනිටුහන්වන ආකාරයක් ලෙස රුියලේ අගය බිඳ වැටීම මෙසේ සටහන්වන අතර ආණ්ඩුව විසින් පසුගිය දෙවසර තුළ අධික ලෙස මුල්‍ය සංසරනය සඳහා මුදල් මුදල් මුදා හැරීම ඊට තවත් හේතුවක් වී ඇත.
චීනය විසින් ලබා දෙන මුල්‍ය පහසුකම් හරහා ආර්ථිකයේ අර්බුදයට පිළියම් සෙවීමට හා රුපියල ශක්තිමත් කිරීම පිණිස විදේශ විනිමය සංචිතය ඉහළ දැමීමට කටයුතු කරන බව පසුගිය කාලයේ දක්නට ලැබුණද මේ වනවිට රුපියලේ බිඳ වැටීම තුළින් ඒ විසඳුම් ප්‍රමාණවත් වී නැති බව පෙන්නුම් කරයි.