Posted on 04.15.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ලංකාවේ ආර්ථිකය ඇද වැටෙමින් තිබෙන අර්බුදකාරී තත්වය අනාවරණය කරමින් රුපියලේ අගය තවදුරටත් පහළ වැටී ඇත.
අද(14) වාර්තා වූ ආකාරයට ඩොලරයක වටිනාකම රු. 204.62 දක්වා රුපියල අවප්‍රමාණ වී ඇත. ආණ්ඩුව විසින් ආර්ථික සැලසුමක් නැතිව ගෙන යන අදූරදර්ශී ක්‍රියාමාර්ග හමුවේ මෙම තත්වය මෙරට මුල්‍ය ක්ෂේත්රයේ අර්බුදයක් කරා යාමට ඉඩ ඇති බව ආර්ථික විෂ්ලේෂකයන් අනාවැකි පවසා තිබිණි. විශේෂයෙන් බැංකු ක්ෂේත්රයේ අර්බුදයක් දක්වා මෙම ආර්ථික අර්බුදය වර්ධනය වීමේ අනතුරක් ඇත.