Posted on 03.25.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මේ වනවිට විනිමය වෙළඳපොළ තුළ රුපියල ඇදවැටීම නවතාගැනීමේ අරමුණින් ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුමක් මගින් ශ්‍රී ලංකා මහ බැංකුව යුවාන් බිලියන 10ක් චීන මහජන බැංකුවෙන් ලබාගෙන ඇත.
රජයේ නිවේදන අනුව, “ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය මත, මෙම හුවමාරු ගිවිසුමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.” මේ ආකාරයෙන් විනිමය ගැටලු විසඳන්නට චීන මුදල් ලබාගත්තද එයින් වෙනත් රටවල ණය පියවීමට නොහැකි නිසා වැය කිරීමට සිදුවනු ඇත්තේ චීනයේම නිෂ්පාදන හා සේවා මිලදී ගැනීමටය.
එම මුදල යොදාගනු ඇත්තේ දෙරටේ ආර්ථික සංවර්ධනය සඳහා ද්විපාර්ශවික වෙළඳාම සහ සෘජු ආයෝජන ප්‍රවර්ධනය කිරීමටත්, දෙපාර්ශවයේම එකඟතාව මත වෙනත් අරමුණු සඳහා භාවිතා කිරිමටත් බව ප්‍රකාශ වුවද අවසානයේ ලංකාව චීනයේ මිලදී ගන්නකු බවට පත් කරමින් ගනුදෙනුව අවසන් වන බව පෙනී යයි.