රුසියානුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමට එරෙහි විරෝධතා

රුසියානු රජය එරට පුරවැසියන්ගේ විශ්‍රාම ගැන්වෙන වයස වැඩි කිරීමට ගෙන ඇති තීරණයට එරෙහි නගර ගණනාවක විරෝධා දක්වා ඇති බව වාර්තාවේ.

නව යෝජනාවන්ට අනුව පුරුෂයකුගේ නව විශ්‍රාම වයස එළැඹෙන්නේ වයස අවුරුදු 60 සිට 65 දක්වා වැඩි කිරීමට යෝජනා කර ඇති අතර කාන්තාවන්ගේ වයස අවුරුදු 55 සිට 60 දක්වාද වැඩි කිරීමට යෝජනා කර ඇත.

මෙම නව විශ්‍රාම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වීමට යෝජනා කර තිබෙන්නේ 2019 වසරේදීය. නව විශ්‍රාම ක්‍රමයට එරෙහිව රුසියාව පුරා විරෝධතා දක්වන බව එරට විපක්ෂ කණ්ඩායම් ප්‍රකාශ කර තිබේ.

මේ වන වට බන්ධනාගාර ගත කර සිටින විපක්ෂ නායකයකු වන ඇලෙක්සි නවාලි සිය ආධාර කරුවන්ගේ සහාය ඇතිව රට පුරා විරෝධතා ගණනාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ප්‍රකාශ කර තිබේ.

Madanayaka :