රුසියාවේ බස් රථයක් දුම්රියක ගැටීමෙන් 19ක් මියයති

අද උදෑසන රුසියාවේ නැගෙනහිර මොස්කවහි වැලඩිමීර් ප්‍රදේශයේ දුම්රියක බස් රථයක් ගැටීමෙන් මගීන් 19 දෙනෙකු මියගොස් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දුම්රිය මාර්ගයේ අනතුරුදායක විදුලි සංඥා පහන් දැල්වී තිබියදී බස් රථයේ රියදුරු එම සංඥා නොතකා බස් රථය දුම්රිය මාර්ගය හරහා ධාවනය කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බව රුසියානු මාධ්‍ය වාර්තා කර ඇත. බස් රථයේ සිටි තවත් මගීන් 32 දෙනෙකු සිටි ඇති නමුත් ඔවුන්ට හානියක් සිදුව නැති බව වාර්තාවේ.

Madanayaka :