රු.1000 හැර කිසිදු විසදුමක් එපා-වතුකම්කරුවෝ හඩ නගති!

දෛනික මූලික වැටුප රු. 1000 හැර අන් කිසිදු විසදුමකට තමන් සූදානම් නැති බව පවසමින් වතු කම්කරුවන් පිරිසක් බගවන්තලාවේ විරෝධතාවක් සංවිධානය කළහ.

හැටන්-බලංගොඩ මාර්ගයේ විරෝධතාව නිසා ගමනාගමනයට බාධා ඇති විය. වතු හාම්පුතුන් සමග ඇතැම් වෘත්තිය සමිති එකග වී ඇති ආකාරයේ අර්ධ විසදුමකට තමන් සූදානම් නැති නිසා රු. 1000ක විසදුම වෙනුවෙන් සටන් කරන බවද එම වතු කම්කරුවෝ ප්‍රකාශ කළහ. ඒ නිසා වතු වෘත්තිය සමිති හෙට(28) අත්සන් කිරීමට සූදානම්වන සාමුහික ගිවිසුමට තමන් එකහෙළාම විරුද්ධ බවද ඔවුහු පවසති.

Chandana Sirimalwatte :