රූපවාහිනී වෙනස් කරන්නෙ නෑ – සමාජ මාධ්‍ය ප‍්‍රචාරය සාවද්‍යයි

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ ප්‍රදාන සන්නාමය වන ‘රූපවාහිනි’ යන හැදින්වීම හෝ එය ඇතුළත් සැලලිහිණි රුව රැගත් ‘ලාංඡනය’ කිසිදු ආකාරයකින් වෙනස් නොකරන බවද එසේ සිදුකරන්නට යන බවට ගෙන යන ප්‍රචාරවල කිසිදු සතයතාවක් නැති බවද ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපතිනිය පවසයි.
ජාතික රූපවාහිනි ආයතනයේ කීර්තිනාමය පිළිබද කිසිදු තැකීමකින් තොරව එවැනි ප්‍රචාරයක් ගෙනයන්නේ එම ආයතනයෙන් පටු වාසි ඉටුකරගැනීමට අපේක්ෂා කළ කිහිප දෙනකු විසින් බව දැනගන්නට ඇත. විවිධ ආකාරයෙන් රූපවාහිනි ආයතනයෙන් පෞද්ගලික ලාභ අපේක්ෂා කරන පුද්ගලයන් මෙසේ ගෙන යන ප්‍රචාරය සම්බන්ධව ප්‍රතිචාර දක්වමින් නිල පැහැදිලි කිරීමක් මේ වනවිට මාධ්‍ය වෙත නිකුත්කර ඇත.
රූපවාහිනී සංස්ථා සභාපතිනි ඉනෝකා සතයංගනී කීර්තිනන්ද කළ නිල නිවේදනය මේ සමග පළ කරමු.
…………………………………………………………..
රූපවාහිනී සන්නාමය වෙනස් කරන බවට ගෙන යන ප‍්‍රචාරය සාවද්‍යයි

ජාතික රූපවාහිනියේ ලාංඡුනය වෙනස් කරන බවට විවිධ මාධ්‍ය මගින් සැලසුම් සහගත ප‍්‍රචාරයක් ගෙනයන බව පෙනෙන්නට ඇති අතර ශී‍්‍ර ලංකා රූපවාහිනී සංස්ථාව එවැනි කිසිදු තීන්දුවක් ගෙන නොමැති බව වගකීමෙන් යුතුව අවධාරණය කළ යුතුය. එසේම එ් පිළිබද සකච්ඡුාවක් හෝ සිදුකර නොමැති අතර එවන් අවශ්‍යතාවක්ද නොමැත.

ජාතික රූපවාහිනියේ ලාංඡුනය වූ සැළලිහිණියා අප ආයතනයේ ගෞරවයේත්, අභිමානයේත් සංකේතයකි.
තිස් හත් වසරක් තිස්සේ රැුකගෙන ආ එකී අභිමානයේ සංකේතය අංශුවකින් හෝ වෙනස් නොකොට ඉදිරියටත් රැුක ගැනීම අපගේ තිරසර අදිටන හා වගකීම වන්නේය. නව මාධ්‍ය සංස්කෘතිය තුළ අප කි‍්‍රයාවට නැංවූ ප‍්‍රවර්ධන ක‍්‍රමෝපායයන් නිසි ලෙස වටහා නොගත් ඇතමුන් වෙනත් මාධ්‍ය මගින් සාවද්‍ය ප‍්‍රචාර රැුගෙන යාම කනගාටුවට කරුණකි.

තරගකාරී රූපවාහිනී මාධ්‍ය ආයතන සමග ඉදිරියට පැමිණීමේදී ජාතික රූපවාහිනිය සහ ඩිජිටල් මාධ්‍ය අතර මනා සම්බන්ධතාවක් තිබිය යුතු බව අප විශ්වාස කරන අතර රූපවාහිනිය ස්වකීය සමාජ ජාලා පද්ධතියට අනුකූලව නව වැඩ සටහන් ගණනාවක් කි‍්‍රයාවට නංවා තිබෙන්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. රූපවාහිනියේ නමින් බිදී ආ ”රූ ඩිජිටල්” (Ru Digtal) නම් වූ උප සන්නාමය භාවිත කිරීමෙන් සිදුකරන ප‍්‍රවර්ධන කටයුතු එහි එක් උපායමාර්ගයකි. එහි හැඩතල භාවිත කරමින් රූපවාහිනී ප‍්‍රවෘත්ති ඇතුළු ඇතැම් වැඩ සටහන් ප‍්‍රවර්ධනයේදීද මෙම උපායමාර්ගය යොදාගෙන තිබේ. දැනටමත් මේ පිළිබද සමාජ අවධානයක් දිනාගැනීමට හැකිවීම අපගේ එකී උපායමාර්ගය සාර්ථක වී ඇති බවට කදිම සාක්ෂියකි.

ජාතික රූපවාහිනිය මෙවන් ක‍්‍රමවේද අනුගමනය කළ පළමු අවස්ථාව මෙය නොවේ. අපගේ අලෙවි පියස
”රූ එන්ටර්ටේන්මන්ට්” (Ru Entertainment) යන සන්නාමයෙන් ප‍්‍රවර්ධනය කිරීම ඇරඹුවේ මීට වසර 10 කට තරම් පෙර සිටය. එයින් ජාතික රූපවාහිනියේ ප‍්‍රධාන සන්නාමයට හානියක් හෝ අනතුරක් සිදු වී නොමැත.

රූපවාහිනියට එරෙහි සාවද්‍ය ප‍්‍රචාර පසුපස ඇත්තේ සීමිත පිරිසකගේ පටු උවමනාවන් බව අපි දනිමු. එහෙත් එවන් පටු ප‍්‍රයත්න වලින් ජාතික රූපවාහිනිය බඳු දැවැන්ත, ජාතික ආයතනයක කීර්තිය අබ ඇටයක ප‍්‍රමාණයකින් හෝ විනාශ කිරීම සිහිනයක් පමණි. ජාතික රූපවාහිනිය ජාතික වස්තුවකි. එය ජනතාවගේ ආයතනයක් වන අතර පොදු ජනතාවගේ දැනුම හා වින්දනය පුළුල් කිරීමේ අරමුණින් නිසි සැලසුමකින් යුතුව ජාතික නාලිකාවක වටිනාකම් හා වගකීම් රැුකගනිමින් අප පෙරට යන ගමනේ ආපසු හැරීමක් නොමැති බවද ස්ථිරසාරව ප‍්‍රකාශ කර සිටිමු.

ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද
සභාපති
ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව

Chandana Sirimalwatte :