Posted on 06.05.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්තානය අතර කාඩිෆ්හිදී ඊයේ (04) පැවැති තරඟයේ ලකුණු 34කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.
තරඟයේ කාසිය වාසිය දිනූ ඇෆ්ගනිස්ථාන නායකයා පන්දු යවන්නන්ට හිතැති කාඩිෆ් හි සොපියා ගාර්ඩ්න් තණතීරුවේ පළමුව පන්දුවට පහරදීම සදහා ශ්‍රී ලංකාවට ආරාධනා කළේය.
ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම අරඹූ නායක දිමුත් කරුණාරත්න සහ කුසල් ජනිත් පෙරේරා පළමු කඩුල්ලට ලකුණු 92ක සාර්ථක සබඳතාවයක් ගොඩනැගීය.
එහිදී දිමුත් කරුණාරත්න ලකුණු 30ක් රැස් කළේය.
අනතුරුව කුසල් පෙරේරාට එක් වු ළහිරු තිරිමාන්න දෙවන කඩුල්ලට ලකුණු 52 සබඳතාවයක් ගොඩනැගුවේ ශ්‍රී ලංකා ඉනිම තවත් ශක්තිමත් කරමිනි.
ශ්‍රී ලංකා ඉනිමේ 21වන පන්දුවාරය වනවිට ලකුණු පුවරුව එක් කඩුල්ලකට ලකුණු 144ක් ලෙස සටහන් වු අතර එම අවස්ථාවේ ප්‍රබල ස්ථානයක පසු වු ශ්‍රී ලංකාව ලකුණු 300 සීමාව පහසුවෙන් පසු කරනු ඇතැයි බොහෝ දෙනා විශ්වාසය පළ කළේය.
නමුත් තරගයේ ළහිරු තිරිමාන්න දැවී යාමෙන් පසු, කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස් , ධනංජයද සිල්වා මෙන්ම තිසර පෙරේරාද නිකරුණේ සිය කඩුලු පූජා කළේ එම අපේක්ෂාවන් බිඳ දමමින්.
හුදෙකලා සටනක නිරත වූ කුසල් ජනිත් පන්දු 81කදී ලකුණු 78ක් රැස් කළේය.
නමුත් තරගයට වර්ෂාවෙන් බදා එල්ල වීමත් සමඟ ඩක්වත් ලුවිස් න්‍යායට අනුව තරගයේ පන්දු වාර සංඛ්‍යාව 41කට සීමා විය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 36යි පන්දු 5කදී සියල්ලන් දැවී ලකුණු 201ක් රැස් කළේය.
කෙසේ වෙතත් ඇෆ්ලනිස්ථානයට හිමි වු ඉලක්කය වුයේ පන්දුවාර 41කදී ලකුණූ 187ක් ලබා ගැනීමටය.