Posted on 06.22.2019 by Chandana Sirimalwatte in ක්රීඩා පුවත් with 0 Comments
ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ ලංකාව සහ එංගලන්තය අතර ඊයේ(21) පැවති තරගයේ ලකුණු 20ක ජයක් ලබා ගැනීමට ලංකා කණ්ඩායම සමත් විය.
සිය පන්දු වාර 50 අවසානයේදී කඩුළු 9ක් දැවී ලකුණු 232ක් ලබාගත් ලංකා කණ්ඩායම, පන්දුවාර 47ක් තුළ ලකුණු 212කට එංගලන්ත කණ්ඩායමේ සියලු දෙනා දවාලන්නට සමත් විය. කාසියේ වාසිය ලංකාවට හිමිවීමෙන් පසුව ප්රථමයෙන් පන්දුවට පහර දුන් අතර නායක දිමුත් සහ කුසල් පෙරේරා ඉනිම ආරම්භයේදීම දුර්වල වූහ. ලෝක කුසලාන තරගයට පළමුවරට සහභාගී වූ අවිශ්ක ප්රනාන්දු දර්ශනීය පිතිහරඹයකින් ලකුණු 49 ක් ලබාගන්නා ලදී. කුසල් මෙන්ඩිස් ලකුණු 46 ක්ද ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 85 ක්ද රැස් කළේය.
එංගලන්ත කණ්ඩායම පිටියට පැමිණි පසුව ලසිත් මාලිංග පන්දුවාර 10 අවසානයේ ලකුණු 43කට කඩුළු 4ක් දවා ගත් අතර ධනංජය සිල්වා ලකුණු 32කට කඩුළු 3යි, ඉසුරු උදාන ලකුණු 43කට කඩුළු 2ක් දවා ගත්තේය.