ගුරු හා විදුහල්පති සේවාවන්ට අදාළ ඉල්ලීම් මුල්කර ගනිමින් ලංකා ගුරු සේවා සංගමය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පවත්වන ලද විරෝධතාවට පොලීසිය විසින් ජල ප්‍රහාර එල්ල කර තිබේ.
ගුරු හා විදුහල්පති සේවාවන්ට වසර 22ක කාලයක සිට පවතින වැටුප් විෂමතා ඉවත් කිරීම සහ මාස 30ක හිඟ වැටුප් ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් 06ක් මුල්කර ගනිමින් අද (28) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.
ගුරුවරු සහ විදුහල්පතිවරු මුහුණ දෙන ගැටලු සහ එම නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයම මුහුණ දෙන අර්බුදකාරි තත්වය සම්බන්ධව ඒකාබද්ධ ගුරුසේවා සංගමය විසින් පසුගිය වසර මුලුල්ලේ ගෙන ගිය උද්ඝෝෂණයක පියවරක් ලෙස අද සවස 2.00ට ගුරු විරෝධතාවක් කැදවන ලද්දේ මාස කිහිපයකට පෙරය. කෙසේවෙතත් අවසන් සති කිහිපය තුළ අද(28) දිනයම නම්කරමින් ජනතා විමුක්ති පෙරමුණට අයත් ගුරුසේවා සංගමය විසින් මෙම විරෝධතාව කැදවීමෙන් එම අරගලයට අදාළ ගුරු හා විදුහල්පති ගැටලු විසදාගැනීමේ අදහසට සම්බන්ධවී තිබේ. ජල ප්‍රහාරය එල්ලවීමෙන් පසුවද ගුරුවරු ඉසුරුපාය අසළ රැදී විරෝධය දක්වමින් සිටින බව වාර්තා විය.
අද සවස 2.00ට ඒකාබද්ධ ගුරුසේවා සංගමයේ මූලිකත්වයෙන් ඉසුරුපාය ඉදිරිපිට කැදවා ඇති උද්ඝෝෂණයට සහභාගි වීම සදහා මේ වනවිටත් ගුරුවරු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට පැමිණේමින් සිටින බව එම සගමයේ ප්‍රකාශකයෙක් ‘ලංකාවීව්ස්’ වෙත පැවසීය.