අද (08) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංගම බස් ගාස්තු අඩු කිරිමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තිරණය කර ඇත. ඒ අනුව සියයට 2කින් බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට නියමිතය.
අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සියයට 2 කින් අඩු කිරීමට පෞද්ගලික බස් රථ හිමියෝ තීරණය කර තිබුණි. කෙසේ වෙතත් අවම ගාස්තුව වන රුපියල් 12 වෙනසක් නොවේ. මුදල් අමාත්‍යාංශය ඩීසල් වල මිල අඩු කිරිමට සාපේක්ෂව ඔවුන් මෙම තීරණය ගෙන ඇත.
මෙම බස් ගාස්තු සංශෝධනය රුපියල් 25 වැනි හතර වැනි ගාස්තුවේ සිට ක්‍රියාමත්මකවීමට නියමිත මේ අනුව අවම ගාස්තුව, දෙවැනි ගාස්තුව හා තුන්වැනි ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු නොවෙයි.
ආදළ බස් ගාස්තු සංශෝධනයට අනුව රුපියල් 25 ගාස්තුවේ සිට රුපියල් 50 දක්වා ගාස්තු රුපියලකින් අඩුවන අතර එතැන් පටන් රුපියල් සියය දක්වා ගාස්තු රුපියල් 02කින් අඩු කෙරේ.