ලේ බැංකුවේ විමර්ශනයට සාක්ෂි දුන් වෛද්‍යවරියට තර්ජන!

රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සදහා සාක්ෂි සැපයූ නිසා ඒම ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය දිපා හිරන්ති සරනදීප වෙත  වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන විසින් තර්ජනයකර ඇත.
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ කාලයේ සිදු වූ දුෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කොමිෂමට සිදුකළ පැමිණිල්ලක් පිළිබඳ දැනට සිදුවන විමර්ශනයක් සදහා සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් තමාට තර්ජනන එල්ල කර ඇති බව වෛද්‍ය දිපා හිරන්ත සරනදීප ජනාධිපති විමර්ෂණ කොමිෂමේ පොලිස් ඒකකය වෙත පැමිණිලි කර ඇත. තමාට සහ තම පවුලේ සාමාජිකයන්ට අනතුරක් සිදුවිය හැකි යයි වෛද්‍යවරිය බියපත්ව සිටින බැවින් වින්දිතයින් ආරක්ෂා කිරිමේ පොලිස් කොට්ඨාසය වෙත ලිඛිතව පැමිණිල්ලක් යොමු කිරිමට ජනාධිපති විමර්ශණ කොසමේ පොලිස් ඒකකය කටයුතු කර ඇත.
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව ඉදිරිපත්වී ඇති පැමිණිල්ලකෙසේ වෙතත් ඒම විමර්ශනයට අදාළ සාක්ෂි ලබාදීම සදහා වෛද්‍ය දිපා හිරන්ත සරනදීප නැවතවරක්කොමිෂම හමුවේ පෙනී සිටි අතර මිට පෙර රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකර අදාල සිද්ධිය සම්බන්ධයෙන් කොමිෂම හමුවේ සාක්ෂි ලබාදී තිබුණි.

Chandana Sirimalwatte :