Posted on 07.13.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ලංකාවේ විරෝධතා දැක්වූ වෘත්තිය සමිති නායකයන් අත්අඩංගුව ගැනීම හා බලහත්කාරි ලෙස නිරෝධායනයට ගෙන යාම සම්බන්ධ විරෝධය පළ කරමින් ලෝක කාර්මික වෘත්තිය සමිතිය (IndustriALL Global Union) විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් එවා ඇත.
ලංකාවේ ව්‍යවස්ථාව තුළ ලබාදී ඇති අයිතිවාසිකම් ආරක්ෂා කිරීම බැඳී සිටින ආණ්ඩුව එවැනි සිදුවීමක්සම්බන්ධයෙන් වහා පියවර ගත යුතු බව ලෝක කාර්මික වෘත්තිය සමිතියේ ප්‍රධාන ලේකම් වෝල්ටර් සංචෙස් අත්සන් කර ඇති එම ලිපියෙන් ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් කර ඇත.
පහත පළ කෙරෙන්නේ එම ලිපියේ අනුවාදයකි.
“අතිගරු ජනාධිපතිතුමනි,
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 140 ක පතල්, බලශක්ති හා නිෂ්පාදන අංශයන්හි කම්කරුවන් මිලියන 50 ක් නියෝජනය කරන ඉන්ඩස්ට්‍රියල් ග්ලෝබල් යූනියන් වෙනුවෙන් මම ඔබට ලියමි.
2021 ජූලි 9 වන දින ගුරු සංගම් සහ සිසුන් ඇතුළු වෘත්තීය සමිති විරෝධතාකරුවන්ට එරෙහිව පොලීසිය යොදාගත් ක්‍රියාමාර්ග සහ ප්රචණ්ඩත්වය. හෙළා දැකීම සඳහා ලොව පුරා වෘත්තීය සමිති ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් සඳහා වන අරගලය වෙනුවෙන් ඊට විරෝධය පළ කළ බව දන්වා සිටිමු.
ඔවුන් විරෝධතා දැක්වූයේ අධ්‍යාපනය පෞද්ගලීකරණයට සහ මිලිටරීකරනයට එරෙහිව බව අපට දැනගන්නට ලැබිණි. විරෝධතා දැක්වීමේ අයිතිය, ලංකාවේ ණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ආරක්ෂා කර තිබියදීත් පොලිසිය විසින් අමානුෂික ලෙස සළකා ඇත. විරෝධතාකරුවන්ට මහේස්ත්‍රාත්වරයා විසින් ඇප ලබා දුන් බව අපට දැන ගනන්ට ලැබුණි. ඔවුන් නිදහස් කිරීමෙන් පසු පොලිසිය ඔවුන් වටකර බලහත්කාරයෙන් නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙන යන ලදී. ඔවුන්ගේ කැමැත්තට එරෙහිව නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා ඇත.
මෙය වෘත්තීය සමිති අයිතිය මෙන්ම ශ්‍රී ලංකාවේ පුරවැසියන් සතු ව්‍යවස්ථාමය හා ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝණය කිරීමකි. අධිකරණයකින් ඇප මත මුදා හරින පුද්ගලයන් රඳවා තබා ගැනීමට ද පොලිසියට බලයක් නැත. සෞඛ්‍ය බලධාරීන් නිරෝධායනය සම්බන්ධ තීරණයක් ගෙන නොමැති විට නිරෝධායනයේ නාමයෙන් මිනිසුන් රැගෙන යාමට පොලිසියට අයිතියක් නැත.
මෙම තත්වයන් යටතේ, වෘත්තීය සමිති සාමාජිකයින් ද ඇතුළුව සියලු විරෝධතාකරුවන් වහාම නිරෝධායනයෙන් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ භාරකරුවන් මෙන්ම ලංකාවේ පුරවැසියන්ගේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම්, ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු.
ඔබගේ ධනාත්මක ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙමි.
විශ්වාසී
වෝල්ටර් සංචෙස්
ප්‍රධාන ලේකම්
ලෝක කාර්මික වෘත්තිය සමිතිය”
