Posted on 06.18.2021 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
චීනය විසින් මේ වනවිට ඉදිකරමින් පවතින අභ්‍යවකාශ මධයස්තානයේ කටයුතු වෙනුවෙන්, ගගනගාමීන් තිදෙනකු ඊයේ(17) අභ්‍යවකාශය බලා ගිය බව වාර්තා වේ.
‘ලොංග් මාච්’ රොකට්ටුවකින් උඩු ගුවනට තල්ලු කිරීම සිදු කළ ෂෙංන්ෂූ ගගන කැප්සියුලයෙන් පෘථිවි කක්ෂයට ගිය ගගනගාමීන් තිදෙනා වන්නේ නී හෙයිසිං, ලීයු බෝමිං සහ තාංග් හොංග්බෝ ය.
56 හැවිරිදි නී හෙයිසිං, චීනය, අභ්‍යවකාශයට යැවූ වයස්ගතම තැනැත්තා වන අතර චීන ගුවන් හමුදා නියමුවකු ලෙස සේවය කළ ඔහු සිය කාර්ය සඳහා ප්රවීනත්වය ලැබුවෙකි.
චීනයේ වේලාවෙන් උදෑසන 9.22 ට වයඹදිග චීනයේ ගංෂූ පළාතේ ජිකුවාන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවනට ගිය කැප්සියුලය, අභ්‍යවකාශයේ රඳවා තිබෙන අභ්‍යවකාශ නැවැතුම්පොළේ ප්‍රධාන කොටස හා සම්බන්ධ වනු ඇත. අද උඩු ගුවනට ගිය ගගනගාමීන් මාස 3 ක කාලයේ මොඩියුලයේ රුඳී සිටිමින් ඉදිකිරීම් කටයුතුවල නියැලෙනු ඇත.
ප්‍රධාන කොටස් (මොඩියුල) තුනක් අවස්ථා තුනකදී උඩු ගුවනට යවමින් චීනය ඉදිකරන අභ්‍යවකාශ නැවැතුම්පොළ හැඳින්වෙන්නේ ‘ටියැංහේ’ නමිනි. එයින් මීටර් 16.6 ක් දිග මීටර් 4ක් පළල විශාලතම මෙන්ම ප්‍රධානතම සිලින්ඩරාකාර මොඩියුලය පසුගිය අප්‍රේල් මාසයේ දී අභ්‍යවකාශයේ රැඳවීම සිදුවිය.
2022 වසරේ සාදා නිම කරන්නට අපේක්ෂිත ‘ටියැංහේ’ අභ්‍යවකාශ මධ්‍යස්තානයේ ඉදිකිරීම් කටයුතු සඳහා ඉදිරියේ දී තවත් අභ්‍යවකාශ මෙහෙයුම් 11 ක් සිදුවනු ඇති බවත්, එයින් 4 කට ගගනගාමීන් සහභාගී වනු ඇති බවත් චීන අභ්‍යවකාශ ආයතනය නිවේදනය කර ඇත.
