දෛනික විදුලි ඉල්ලුම දිනෙන් දින ඉහළ යන බැවින් අලුත් අවුරුදු සමයට පෙර වැසි නොලැබුණොත් විදුලි කප්පාදුව සිදුවන පැය ගණන තවත් ඉහළ යාහැකි බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
මේ වනවිට දෛනික විදුලි ඉල්ලුම මෙගාවොට් දෙදහස් තුන්සියයකට අධික බවත්, විදුලි ඉල්ලුම ඉහළ ගියද, ජලවිදුලි නිෂ්පාදනය ක්‍රමයෙන් අඩුවෙමින් තිබෙන බවත් එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එස්.පී. ගුණවර්ධන සඳහන් කළේය.