தமிழ்
English
Contact
Monday 21st February 2022    
විදුලි බලාගාර කිහිපයක් අක්‍රීයයි - විදුලි සැපයුම අර්බුදයක | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විදුලි බලාගාර කිහිපයක් අක්‍රීයයි – විදුලි සැපයුම අර්බුදයක



කැලණිතිස්ස බලාගාර සංකිර්ණ‍යේ ද්විත්ව චක්‍රිය බලාගාරය ඇතුළු බලාගාර කිහිපයක් මේ වනවිට අක්‍රිය කර ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක අතිරේක සාමාන්‍යාධිකාරි ඇන්ඩෲ නවමනි සඳහන් කර ඇත්තේ ඩීසල් හා නැප්ටා නොමැතිවීම ‍මීට හේතු වී ඇති බවයි.

අතිරේක සාමාන්‍යාධිකාරිවරයා සඳහන් ක‍ළේ මතුගම, කොළොන්නාව හා තුල්හිරිය බලාගාර ද ඒ අක්‍රිය කළ බලාගාර අතර වන බවයි.

මේ හේතුවෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 200 ක් පමණ අහිමි වි තිබේ.

අද දිනයේ මෙම බලාගාරවලට අවශ්‍ය ඉන්ධන තොග නොලැබුණහොත් අඛණ්ඩව විදුලි සැපයිම අභියෝගයක් වනු ඇති බව ද ඇන්ඩෲ නවමනි පවසයි.