தமிழ்
English
Contact
Sunday 23rd January 2022    
විදුලිය ඉතිරි කරන්න මාර්ග අඳුරේ තියන්න යෝජනාවක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විදුලිය ඉතිරි කරන්න මාර්ග අඳුරේ තියන්න යෝජනාවක්



විදුලිය ඉතිරි කර ගැනීමේ පියවරක් ලෙස මාර්ගවල විදුලි පහන් නිවා දැමීමට රජයට යෝජනා කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ පැවසීය.

පස්වරු 6.30 සිට රාත්‍රී 11 දක්වා මාර්ගවල විදුලි පහන් නිවා දමා රාත්‍රී 11.00 න් පසුව නැවත විදුලි පහන් දැල්වීමට හෝ පස්වරු 6.30 සිට රාත්‍රී 10.00 දක්වා මාර්ගවල විදුලි පහන් දල්වා ඉන් පසුව විදුලි පහන් නිවා දැමීමට හෝ රජයට යෝජනා කරන බව අමාත්‍ය ගාමිණී ලොකුගේ වැඩිදුරටත් පවසා තිබේ.