Posted on 01.10.2022 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
අද (10) දිනයේ සිට දිනපතා විදුලි කප්පාදුවක් සිදු කිරීම සදහා මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය ලබා දී ඇත.
එහි සභාපතිවරයා පවසන්නේ ඒ අනුව දිනකට පැයක් හෝ පැය දෙකක කාලසීමාවක් විදුලිය කප්පාදුවකට අනුමැතිය ලැබී ඇති බවයි.
ඩොලර් හිගය හේතුවෙන් ඉදිරියේදී ගල් අගුරු ආනයනය සීමාවීමේ දැඩි අවදානමක් පවතින බව ද වාර්තා වේ. මේ තත්ත්වය විදුලිය සැපයීම සඳහා බලපානු ඇත. ඩොලර් හිගය සහ ණයවර ලිපි නිකුත් නොකිරීම නිසා ගල්අගුරු ආනයනයට බාධා පැමිණෙන බවද එසේ වුවහොත් නොරොච්චෝල බලාගාරයේ ජනන කටයුතු බිදවැටෙන බවද ලංකා විදුලි බල මණ්ඩල ප්‍රකාශකයෙකු පවසා ඇත.
ගල්අඟුරු මිලදී ගැනීමට අවශ්‍ය මුදල් භාණ්ඩාගාරය විසින් ලබා දීමට නියමිතව ඇති බව විදුලි බල අමාත්‍ය ගාමිණි ලොකුගේ පැවසීමේන් ද ඒ බව තහවුරු වේ.