ජ්‍යෝෂ්ඨ මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිනියක වන සීතා රංජනීගේ කෘතියක් මාර්තු 8 වැනිදා සවස 3. 00ට අංක 96, බර්නාඩ් සොයිසා මාවත (කිරුළ පාර) කොළඹ 5 පිහිටි ලංකා පුවත්පත් ආයතනයේදී දොරට වඩී.
2009 වසරේ අවසන් යුද්ධය හා යුද්ධයෙන් පසු මාස කිහිපයක් ඇතුළත් වන පරිදි වසරක කාලයක් පුරා මානුෂවාදී පුවත් වාර්තාකරණය ගැන පුවත්පත් නිරීක්ෂණය කරමින් ලියූ තීරු ලිපි මාලාවක් මෙසේ කෘතියක් ලෙස ප්‍රකාශයට පත්කරන බව ඇය පවසයි.