தமிழ்
English
Contact
Monday 21st June 2021    
විමල් එක්ක බෑ, මූල්‍ය විනයක නැහැ - අනූෂ පැල්පිට කර්මාන්ත අමාත්‍යංශයෙන් අස්වීමට හේතු කියයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විමල් එක්ක බෑ, මූල්‍ය විනයක නැහැ – අනූෂ පැල්පිට කර්මාන්ත අමාත්‍යංශයෙන් අස්වීමට හේතු කියයි



කර්මාන්ත සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශට මූල්‍ය විනයක් නොමැති බවත්, අමාත්‍යවරයා විසින් තමා වෙත ලබාදෙන නීති විරෝධී නියෝග පිළිපැදීමට නොහැකි බවත් සඳහන් කරමින් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යවා තිබේ.

ඒ අනුව තවදුරටත් තමා රාජ්‍ය පරිපාලන සේවයේ නිරත නොවීමට තීරණය කර ඇති හෙයින් තමාට විශ‍්‍රාම යෑම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස ද අනුෂ පැල්පිට සිය ලිපියෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

අමාත්‍යාංශ ලේකම්වරයාගේ මෙම විශ‍්‍රාම යෑමත් සමග කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජෙනරල් දයා රත්නායක ද වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස හිටපු හාබර් මාස්ටර්වරයකු වන කපිතාන් නිහාල් කැප්පෙටිපොළ ද පත් කර තිබුණි.

අනුෂ පැල්පිට, 2015 ජනාධිපතිවරණ සමයේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600 ක මුදලක් වැය කර සිල්රෙදි බෙදාදීම ඇතුළු අධිචෝදනා තුනකට, එවකට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සමග මහාධිකරණය විසින් වරදකරුවන් ලෙස තීන්දු කරනු ලැබීය.

මොවුන් දෙදෙනාම වරදකරුවන් කරමින් කොළඹ මහාධිකරණය විසින් 2017 සැප්තැම්බර් 17 වැනි දින නියෝග කළේ ඔවුන්ට බරපතළ වැඩ සහිත වසර 3 ක සිර දඬුවම්, රුපියල් ලක්ෂ 20 බැගින් වූ දඩ සහ රුපියල් ලක්ෂ 500 බැගින් වූ වන්දියක් ගෙවන ලෙසයි. පසුව නව ආණ්ඩුව පත්වීමත් සමඟ අභියාචනාධිකරණය විසින් සිල්රෙදි නඩුවේ චෝදනාවලින් අනුෂ පැල්පිට සහ ලලිත් වීරතුංග නිදොස් කොට නිදහස් කරනු ලැබිණි.