Posted on 06.18.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කොවිඩ් නොවන මරණයන්හි අවසන් කටයුතු පැය 24ක් ඇතුළත සිදු කිරීමට අනුමැතිය දීමට ජනාධිපතිතුමා උපදෙස් ලබා දී තිබේ.
කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ රැස්වූ අවස්ථාවේ ජනාධිපතිතුමා විසින් මේ බව සඳහන් කර තිබේ
පී.සී.ආර් පරීක්ෂණයට ලක්කිරීමෙන්, අවසන් කටයුතු කිරීමට සිදුවන ප්‍රමාදය පිළිබඳව බොහෝ දෙනාගෙන් චෝදනා එල්ල වී ඇති බවත් එමගින් මියගිය අයගේ පවුල්වල අය මුහුණ දෙන ආර්ථික සහ දැඩි අපහසුතා සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවයි ජනාධිපතිවරයා වැඩිදුර සඳහන් කර ඇත.
ජුනි මස 14වන දින සංචරණ සීමා ඉවත් කිරීමට තීරණය කර තිබුණ ද, ජුනි 11 වන දින මරණ 101ක් වාර්තා වූ බවට ලැබුණු දත්ත පදනම් කරගනිමින් ජුනි 21 වනදා තෙක් සංචරණ සීමා දීර්ඝ කිරීමට පියවර ගත් බව ජනාධිපතිවරයා සඳහන් මෙහිදී සඳහන් කර තිබේ.
කෙසේ නමුත් පසුව එම මරණ සිදුව ඇති ආකාරය පිළිබඳව සෞඛ්‍ය සහ බුද්ධි අංශ මඟින් නැවත පුළුල් විමර්ශනයක් කිරීමේදී ඇතැම් මරණ පෙබරවාරි 06 සිට ජුනි 11 දක්වා මාස 04ක කාලසීමාව තුළ සිදුව, මරණ සහතික ද නිකුත් කළ තිබූ බවට ද අනාවරණය වු ජනාධිපතිවරයා පවසා ඇත.
වසංගතය දරුණු ලෙස පැතිර යමින් පවතින බවට තහවුරු වෙන එක සාධකයක් වන්නේ දිනපතා වාර්තා වෙන මරණ ප්‍රමාණයයි. එහිදී ජනාධිපතිවරයා කියන ආකාරයෙන් මීට පෙර වාර්තා වූ මරණ පසුව ගණනය කර තිබේනම් එය බරපතල තත්ත්වයකි. නමුත් බොහෝදෙනෙක් සැක පළකර සිටින්නේ මෙළෙස මරණ ගණන නිසි ලෙස වාර්තා නොකරන්නේ සහ අවුල් සහගත වාර්තා ඉදිරිපත් කරන්නේ රජය විසින් සත්‍ය මරණ ගණන සැඟවීමේ අරමුණින් බවයි. කොවිඩ් නොවන මරණ ඉක්මණින්හි අවසන් කටයුතු ඉක්මණින් සිදුකිරීමට උපදෙස් ලබාදෙන්නේද එම අරමුණ සහිතව බව දේශපාලන මත දක්වන්නන් පවසයි.