Posted on 04.30.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
පසුගිය 27දා බොරැල්ල මංසන්ධිය ආශ්‍රිතව ගමන්ගත් ප්‍රභූ රථ පෙළකට විරෝධය දැක්වීමට වාහන වල නළා නාද කිරීමේ සිද්ධීය සම්බන්යෙන් තරුණයෙක් බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසා ඇත්තේ චීන ආරක්ෂක ඇමැතිවරයා කටුනායක ගුවන් තොටුපොළේ සිට විශේෂ ආරක්ෂක රථ පෙළකින් කොළඹ කරා පැමිණෙද්දී බොරැල්ල මංසන්ධියේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් මෙම තරුණයා අත්අඩංගුවට ගත් බවයි.
මොහු 31හැවිරිදි අයෙකු වන බත්තරමුල්ලේ පදිංචි අයෙකි.
මේ අතර අත් අඩංගුවට ගත් සැකකරු අද (30)අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසා තිබේ.