2015 හවුල් ආණ්ඩුව ගෙන ආ අයවැය ඉදිරිපත්කිරීම් සියල්ලටම පාර්ලිමේන්තුවට පැමිණ සහයෝගය දුන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙවර අයවැය මගහැර ගිය බව දක්නට ලැබිණි.
ඊයේ(5) පාර්ලිමේන්තුවේ අයවැය ඉදිරිපත් වන අවස්ථාවට පෙරාතුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණේ යැයි අපේක්ෂාවක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරු අතර පැවති අතර පාර්ලිමේන්තු කටයුතු කරන ජනමාධ්‍යවේදින් අතරද ජනාධිපතිවරයා නොමැති බව සාකච්ඡාවට ගෙන තිබිණි. විධායක ජනාධිපති ක්‍රමය හදුන්වා දුන් 1978 සිටම ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගි වීමේ සහ විශේෂ අවස්ථාවල පාර්ලිමේන්තු මන්ත්‍රිවරු අමතා අදහස් දැක්වීමේ අවස්ථාව හිමිවේ. අයවැය වැනි ජාතික වශයෙන් වැදගත් කාර්යකදී ජනාධිපතිවරයා සහභාගි නොවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සභාගැබ තුළ කසුකුසුවක් ඇතිව තිබිණි. විශේෂයෙන් අයවැය අවසානයේ මුදල් ඇමතිවරයා විසින් ලබා දෙන තේපැන් සංග්‍රහයේදී මේ සම්බන්ධ හාස්‍යජනක අදහස් හුවමාරු වෙනු අසන්නට ලැබුනු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරු විසින් ජනාධිපතිවරයා දැන් ‘ආඳා’ න්‍යාය අනුමනය කරණ බවට කවටකතා ප්‍රකාශකළ බවත් වාර්තා විය.