වෙනිසියුලාවේ ද්‍රෝහියකු නොවී ඉතිහාසයට එක්වීමට සූදානම්! – නිකලස් මදුරෝ

යුරෝපයේ රටවල් කිහිපයක් වෙනිසියුලාවේ මදුරෝ පාලනය ප්‍රතික්ෂේප කරමින් එක්සත් ජනපද ජනාධිපතිගේ සහාය ලබා තාවකාලික ජනාධිපති ලෙස තමන් ප්‍රකාශයට පත් කළ විපක්ෂ නායකයා යුවාන් ග්වයිඩෝගේ පාර්ශ්වය පිළිගෙන ඇත.

මෙම තත්වය තුළ තවමත් ලෝකයේ රටවල් සාතිශය බහුතරයක් මදුරෝ පාලනය පිළිගෙන ඇති අතර එක්සත් ජනපදය ඇතුලු රටවල් කිහිපයක් යුවන් ග්වයිඩෝ වෙනිසියුලාවේ තාවකාලික ජනාධිපති ලෙස පිළිගෙන ඇත.

මේ සම්බන්ධයෙන් රැසියානු පුවත් සේවය සමග කළ සංවාදයකදී වෙනිසියුලවේ ජනාධිපතිවරණයෙන් පත්වූ ජනාධිපති නිකලස් බදුරෝ පවසා ඇත්තේ තම රටේ ඉතිහාසය තුළ පාවාදීම පිළිබද ඉතිහාසයට එක් නොවී අන් කුමන ආකාරයකින් තමා හැදින්වූවද එය භාරගන්නට තමන් සූදානම් බව පවසා ඇත. විවිධ විදේශ බලවතුන්ගේ අරමුනු වෙනුවෙන් දණ බිම ඇනගත්, නිවට නායකයකු ලෙස ජනතාව අත්හැර දමා යාමට තමා සූදානම් නැති බවද සාතිශය බහුතරයක් ජනයා වෙනිසියුලාවේ සුවිශේෂි ගමන ඉදිරියට ගෙනයාම පිණිස තමන් ඔවුන් සමග සිටින බව විශ්වාස කරන බවද පෙන්වා දුන්නේය.
Russia Today පුවත් සේවයේ ස්පාඤ්ඥ බසින් පළවන රූපවාහිනි සාකච්ඡාවකදී ඔහු මේ අදහස් පළ කර ඇත.

Chandana Sirimalwatte :