Posted on 02.16.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
එක්සත් ජනපදයේ සචාරය සඳහා ලංකාවේ හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට තහනමක් පැනවීම සම්බන්ධ කරුණු විමසීමට මෙරට එක්සත් ජනපද තානාපතිනි අලයිනා බී. ටෙප්ලිට්ස් විදේශ අමාත්‍යංශයට කැඳවා ඇත.
ෂවෙන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ සමීපතමයන්ට එක්සත් ජනපදයේ සංචාරය කිරීමට තහනමක් පැනවීඹ සම්බන්ධයෙන් ආණ්ඩුවේ අප්‍රසාදය පළ කිරීමට අද(16) මෙසේ තානාපතිනිය කැඳවන ලද බව විදේශ කටයුතු අමාත්‍යංශ මූලාශ්‍ර පෙන්වා දෙයි.
පසුගිය 14 වැනිදා ක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කළේ 2009 යුද්ධය අවසන් සමයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධ විශ්වාස කළ හැකි සාක්ෂ්‍ය මත නිසා ෂවේන්ද්‍ර සිල්වා විසින් යොමුකරන ලද එක්සත් ජනපදයට ඇතුළවීමේ අයදුම්පතක් ප්‍රතික්ෂේප කරනු ඇති බවයි.
කෙසේවෙතත් ආණ්ඩුවේ නිවේදයකින් පැවසුණේ ස්වාධීනව තහවුරු නොකළ තොරතුරු මත හමුදාපතිවරයාට හා පවුලේ සමීප ඥාතින්ට සංචාර තහනමක් පැනවීම සම්බන්ධ දැඩි විරෝධය පළ කරන බවයි.