මාධ්‍ය මගින් ප්‍රකාශිත සන්ධානයක් පිලිබඳ පොදුජන පෙරමුණ සහ නිදහස් පක්ෂය අතර සාකච්ඡා සිව්වන වටය දක්වා ගොස් ඇති අතර ඒකගතාවක් ඇතිකර ගැනීමේ දුෂ්කරතාව නිසා මීළගට දෙපාර්ශවයේ නායකයන් අතර සාකච්ඡාවක් පැවැත්වීමට යොජනා කර ඇත.
මේ ආකාරයේ නායක මට්ටමේ හමුවක් ඉක්මනින් පැවැත්වීමට නියමිත බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ජනමාධ්‍ය වෙත පවසා ඇත. දෙපාර්ශ්වය අතර කඹ ඇදිලි සදහා සන්ධානයේ නම හා නායකත්ව භූමිකා මෙන්ම තරග කරන මැතිවරණ ලකුණ වැනි කරුණුම විසදාගන්නට නොහැකි තතවයක පවතින අතර ඒසේ වුද ඒකගතා රාශියක් ඇතිකරගත් බව සාකච්ඡා පැවැත්වීමෙන් පසුව මාධ්‍ය වෙත නිවේදන නිකුත් කිරීම සිදු වේ.
කෙසේවෙතත් ඒළඹෙන කම්කරු දිනයේදී ශ්‍රිල.නි.ප. හා පොදුජන පෙරමුණ වශයෙන් වෙන්ව යන්නට සිදුවන පසුබිමක සන්ධානයක් ඇතිකිරීම හා බලය ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් දෙපාර්ශ්වයම උභතෝකෝටික ගැටලුවක මැදිව සිටී. විශේෂයෙන්ම ඒක්සත් ජාතික පක්ෂය මුලු රාජ්‍ය බලය යොදවමින් කම්කරු දිනය ආණ්ඩුවේ ශක්තිය පෙන්වන තැනකට ගෙන ඒන්නට වැඩකරමින් සිටින නිසා මෙවර සාකච්ඡා ඒකගතාවක් නැතිකම විසින් ශ්‍රිල.නි.ප. හා පොදුජන පෙරමුණ වෙන්ව මැයි දින සංවිධාකය කරන තත්වයට පත්ව ඇත. මෙය දේශපාලන වශයෙන් ආණ්ඩුව හමුවේ පරාජය භාරගැනීමක් බව පාර්ශ්ව දෙකේම දෙවැනි පෙළ මට්ටමෙන් නායකත්වයට කරුණු දක්වා ඇත. ඒහෙත් රාජපක්ෂවාදය රජකරන පොදුජන පෙරමුණද මෛත්‍රි පසුපස යන ශ්‍රිල.නි.ප. ද ඒක්වන්නට කෝදුරු තෙල් හත්පට්ටයකුත් ටිකක් අවශ්‍ය වනු ඇති බවට දේශපාලන අංශවල කතාබහට ලක්ව ඇත.