බ්‍රිතාන්‍යයේ තහනම්කළ සංවිධානය සාමාජිකයන් බවට සැක පිට ලන්ඩනයේ ලූටන් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් ලාංකිකයන් සිව්දෙනා සම්බන්ධයෙන් මේ දක්වාත් කිසිදු තොරතුරක් දැනුම් දී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
ලූටන් ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබුණු මොවුන් ලාංකිකයන් බව පැවසුව ද ඒ සම්බනධයෙන් කිසිදු තොරතුරක් ලන්ඩනයේ පොලීසිය විසින් ලංකා තානාපති කාර්යාලයට ලබා දී නොමැත. අත්අඩංගුවට ගත් ලාංකකියන් සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇති බව විදේශ අමාත්‍යංශය පවසයි. අප්‍රේල් 10 වන දින පස්වරුවේ ලූටන් ගුවන්තොටුපල වෙත පැමිණි ලාංකිකයන් 4 දෙනකු 11 වනදා අත්අඩංගුවට ගෙන එංගලන්තයේ බෙට්පෙෂර් පොලීසියේ රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන සිදු කරන බව විදෙස් වාර්තා සඳහන් කරයි.