පෘතුගීසි සංචාරක යුවළක් විසින් කොළඹ-බදුල් දුම්රිය මාර්ගයේදී බිහිසුණු අවදානමක ඉරියව්වකින් හිද සිපගන්නා අයුරින් ගත් සේයාරුවක් සම්බන්ධයෙන් ආන්දෝලනයක් හටගෙන ඇත.
ඇල්ල දුම්රිය පාලමේ දුම්රිය සෙමෙන් ධාවනය වෙද්දී ගන්නා ලද බව කියැවෙන මෙම සේයාරුව අන්තර්ජාලයේ පළ කිරීම සහ විශේෂයෙන් සමාජ ජාල ඔස්සේ අවදානයට ලක්වීමෙන් මෙවැනි අවදානම් සහ අනතුරුදායක සේයාරූ ගැනීම ජනප්‍රිය කරවන බවට විවේචකයන් අදහස් දක්වා ඇත. විශේෂයෙන්ම selfie ඡායාරූප ගැනීම නිසා ලොව පුරා දිනපතා ජිවිත අහිමි කරගන්නා තරුණ තරුනියන් පිළිබද ඛේදවාචකයට මෙවැනි සේයාරූ අවදානම් ගැනීමෙන් මහත් ව්‍යසනයක් වියහැකි බවට සමාජ මාධ්‍ය තුළම විවේචන මතුවෙමින් තිබේ.
මෙම සේයාරුවේ පෙනී සිටින්නේ Raquel නම් තරුණියක බවත් ඇය අවදානමක තබා සිපගැනීම සිදුකරන්නේ ඇගේ පෙම්වතා ලෙස හදුන්වන Miguel නම් රුණයා බවත් බ්‍රිතාන්‍යයේ පළවන Daily Mail පුවත්පත වාර්තා කරයි.