தமிழ்
English
Contact
Monday 6th May 2019    
සභාපතිවරු පත්කිරීමට ජනපති ගෙනා චක්‍රලේඛයට රනිල්ගෙන් පැසසුම් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සභාපතිවරු පත්කිරීමට ජනපති ගෙනා චක්‍රලේඛයට රනිල්ගෙන් පැසසුම්



රාජ්‍ය, අර්ධ රාජ්‍ය, ව්‍යවස්ථාපිත සංස්ථා මණ්ඩල සභාපතිවරුන් පත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නිකුත්කළ චක්‍රලේඛය ඉතා හොඳ පියවරක් බැවින් ඒ අනුව කටයුතු කරන ලෙසට අගමැති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

එක්සත් ජාතික පෙරමුණු  රජයේ සංස්ථා, මණ්ඩල සභාපතිවරුන් පත් කිරීම් සඳහා කමිටුවක් නම් කරමින් ජනාධිපතිවරයාගේ උපදෙස් මත චක්‍රලේඛයක් නිකුත් කෙරිණි.

නොවැම්බර් මස අවසාන සතියේ පැවැති කැබිනට් රැස්වීමේදී අදාළ කමිටුව පත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.

මෙම නව කමිටුව හරහා ලබාදෙන නිර්දේශ මත නිල බලයෙන් පත්වන අධ්‍යක්ෂවරුන් හැර අනෙකුත් සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත් කිරීම සිදුවෙයි.

පිළිගත් උපාධියක්, වෘත්තීය සුදුසුකම් හා දීර්ඝ වෘත්තීය පලපුරුද්ද අනුව ඉදිරියට එම නිලධාරීන් පත් කිරීමට නියමිතය.

මෙම කමිටුවේ සභාපති ලෙස ජනාධිපති ලේකම්වරයා කටයුතු කරන අතර, එහි අනෙකුත් නියෝජිතයන් වූයේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ඩබ්.ජේ.එස්. කරුණාරත්න, අගමැතිවරයා පත්කරන නියෝජිතයන් දෙදෙනෙකු සහ මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා නම් කරන පුද්ගලයෙකි.

කෙසේ වෙතත් නව කමිටුව මගින් මෙම තනතුරු සඳහා තම හිතවතුන් පත්කර ගැනීමට ආණ්ඩුවේ අමාත්‍යවරුන්ට අවස්ථාව අහිමිව ගොස් ඇති හෙයින් අර්බුදයක් හටගෙන තිබුණි. නමුත් මේ මොහොතේ වෙන කළ හැකි දෙයක් නොමැති හෙයින් එම කමිටුව අගය කර හෝ දේශපලන වාසියක් ලබාගැනීමට රනිල් වික්‍රමසිංහ උත්සාහ කරනු පෙනේ.