ස්වර්ණවාහිනි සේවක මර්දනයට එරෙහිව සේවක විරෝධය!

ඊ.ඒ.පී. මාධ්‍ය ජාලය ලෙස පැවතී පසුව බෙන් හෝල්ඩින්ග්ස් නමැති මැලේසියානු ආයතනයක පාලනයට නතු වූ ස්වර්ණවාහිනි ආයතනයේ සේවක වෘත්තිය සමිතියක් හේතුවෙන් සේවක දඩයමක් ආරම්භ වී ඇත.

මාර්තු 18 වැනිදා ස්වර්ණවාහිනියේ සේවකසේවිකාවන් 250 ක පමණ පිරිසක් මෙසේ සේවක සමිතියක් පහිටුවාගෙන සිය වෘත්තිය ගැටලු සම්බන්ධ පියවර ගැනීමට එක්වූහ. දිවා ආහාර වි⁣වෙිකයේදී ආයතනයේ රථගාලට රැස්වී තමන් මුහුණ දී තිබෙන අවදානම් සහගත තත්වය හා මතුව ඇති ගැටලු සම්බන්ධව සාමුහික ක්‍රියාමාර්ග ගැනීමට වෘත්තීය සමිතියක් පිහිටුවා ගෙන තිබිණ. එහෙත් ආයතන කළමනාකාරිත්වය විසින් පසුදින වනවිට අදාළ වෘත්තීය සමිතිය පිහිටුවීමට මුල්වූ සේවකයන් 15 දෙනෙකුගේ සේවය අවසන් කර එම වෘත්තිය සමිති නායකයන්ට ආයතන පරිශ‍්‍රයට ඇතුලවීම පවා වැළැක්වීය. සේවකයන් සිය සේවාවලින ඉවත්ව උද්ඝෝෂණය ඇරඹුෙවෙි මෙවන් පසුබිමකය.

මේ තත්වය තුළ ඊයේ(19) ආයතනයේ සේවක සේවිකාවන් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කළහ. මෙම විරෝධතාව නිසා ස්වර්ණවාහිනි විකාශන කටයුතු අකර්මණ්‍ය වූ අතර වැඩසටහන් සැලසුම්සහගත ආකාරයට විකාශය කිරීමද ඇණ හිට තිබිණි.

Chandana Sirimalwatte :