Posted on 09.02.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පතට එරෙහි වීම නිසා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිසු – ජන ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරන ලෙස සහ පොදුවේ රැඳවියන්ගේ අයිතීන් සම්බන්ධයෙන් ඊයේ (01) පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් බන්ධනාගාර කොමසාරිස් වරයාට ලිපියක් බාර දී තිබේ.
බදුල්ල තල්දෙන නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් චමීර කොස්වත්ත, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ වසන්ත මුදලිගේ සහ ජපුර විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප යන තිදෙනාට කොවිඩ් ආසාදනය වී තිබේ.
මේ තත්වය හමුවේ බන්ධනාගාර තුළ සෞඛ්‍ය ආරක්ෂාව සලසා දීම සහ පොදුවේ රැඳවියන්ගේ අයිතීන් සම්බන්ධයෙන් මෙම ලිපිය බාර දී ඇති අතර එම අවස්ථාවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් සේනාධීර ගුණතිලක ඇතුළු පිරිසක් සහභාගී විය.