Posted on 04.07.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ඉල්ලීම් 11ක් මුල් කරගනිමින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අද (අප්‍රේල් 7) වනදා කොළඹ ජාතික රෝහල ඉදිරිපිටින් ආරම්භ කළ විරෝධතා පාගමන වාර්තා කරමින් සිටි නිදහස් මාධ්‍යවේදී මලික අබේකෝන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර ඇත.
මෙම පැහැර ගැනීම පිළිබඳ අදහස් දක්වමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමි පැවසුවේ සෞඛ්‍ය කාර්යමණ්ඩල ඉල්ලීම්වලට විසදුම් ලබානොදී මෙය යට ගසා විරෝධතාවය මර්දනයෙන් යටපත් කිරීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බවයි.