සෞදි ආරාබිය ප්‍රමුඛ ආරබි සංධානය විසින් එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් බස් රථයක ගමන් ගත් ළමයින් 29 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෑතක සිට යේමන් ජනාකීර්ණ ස්ථාන පවා ඉලක්කර සෞදි ගුවන් ප්‍රහාර එල්ල කරන බවට චෝදනා එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා චෝදනා කර තිබේ.
යේමන් සිවිල් යුද්ධය මේ වන විට සිරියානු අර්බූදයට සමාන වන බවටද යේමන් අර්බූදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන් විසින් පත් කර ඇති විශේෂ නියෝජිත වන මාටින් ග්‍රීපීත් පවසා ඇති බව විදෙස් මාධ්‍ය පවසා ඇත.
පසුගිය මාසයේ සිට යේමන් ප්‍රධාන වරාය ආශ්‍රිතව නගරයට සෞදි ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමග එරට සිවිල් වැසියන් විශාල පිරිසක් මියගිය අතර දහස් ගණනකට සිය වාසස්ථාන අහිමිව තිබේ.
කලාපීය දේශපාලන බලවතුන් වන සෞදි ආරබිය හා ඉරානයේ මැදිහත්වීමෙන් යේමන් අර්බූදය වඩාත් මේ වනවිට මහා ජනසංහාරක ඛේදවාචකයක් බවට පත්ව තිබේ.